ඔන්න පොඩ්ඩක් මගේ ඩයරිය කියවන අයට කම්මැලි යන්න පොඩි කතාවක්.......
මේක මට වෙච්ච දෙයක්... යාලුවෙක්ට උදව් කරන්න ගිහින්..... මෙන්න මේකයි කතාව.... හැබැයි මේක පොඩ්ඩක් විතර පරණ එකක්
ඔන්න මගේ අපාය සහයක මිත්‍රයා උදේ පාන්දර 4.45ට 5.00 විතර කොල් කරා. මට මල පැන්නා . මොකද මූට නින්ද නොගියාට මට හොදටම නින්ද යන නිසා. එක්කො මුට මල් කඩලා එපා උනාම මාව මතක් වෙලා කියල හිතලා මම ඉටින් කොල් එක ඉස්සුවා
මු ඉතින් අහපි නිදිද කියලා? පස්සේ කියනවා උට පොඩි වැඩක් කරගන්න ඔනේ කියලා උන්ගේ ගෙදර එන්න කිව්වා
මටත් කරන්න වැඩක් නැති නිසාත් මගෙ ලස්සන හීන විනශ කරපු කේන්තිය පිටත් කිව්වා එන්නම් කියලා දවල් කෑම දෙනවා නම් (මොකද මම එහේ යන කොට එයාගේ අම්මා හොදට ෆ්‍රයිඩ් රයිස් එකක් හදනවා මටම )
මමත් ඉටින් මගුල් ගෙදරක යන්න වගෙ ලෙස්ටි වෙලා බයික් එක ගත්තා යන්න.. හෆොයි මගේ මල්ලි ඒකට වැඩේ දිලා... දුප්පතාගේ කොරොල්ල එක!!!!
මොනා කරන්නද අම්මාගේ ලොන් එකක් අරන් බස් එකේ ගියා...
බස් එකට නගින්න හදන කොටම අර යකා කොල් කරල කියපි එනකොට මගේ සීඩී පැක් එකත් අරන් වරෙන් කියලා මොනා කරන්නද? මතක් කරන්න ඔනේ ඔක්කොම අයව මතක් කර කර ගෙදර ගිහින් අයි අවා...
ඔක්කොම හරිගස්සන් මැන්ස්ගේ ගෙදරට ගොඩ වෙන්න හදද්දි මෙන්න බොලේ තඩි දඩොරියෙක් පැනපි.... මිටර් 100 දුවන්න හදද්දී මගේ අපාය සහයක අවා...
හ්ම්ම්ම් ඔක්කොම කියන්න ගියොත් මේක දික් වෙනවා... කෙටියට කියන්නම්....
ඔන්න තේ එකක් බීලා මැන්ස්ගේ රූම් එකට රින්ගුවා... :) මගේ රූම් එකට වඩා පොඩ්ඩක් ලස්සනයි... මගෙ එක නම් පිස්සගේ පර්ස් එක වගේ නේ
ඔන්න ඉටින් වැඩ පටන් ගත්තා... මැන්ස්ට xp මුල ඉන්දලා ඉන්ස්ටොල් කරලා ඩුන්නා.. ඔක්කොම වෙලාවට කරන් යද්දී.. එකපාරටම ලයිට් ගියා.. මදැයි මොකක් හරි කරලා දතක් කඩන්න හදන කොටම කොක්කක් වැටුනා..... ලයිට් කපපු එකාට පින් දෙන ගමන් බලන් හිටියා ලයිට් ඒයි කියලා මෙන්න එතකොට අරූ කියපි මට අද ලයිට් එන්නේ හවස් වෙලා කියලා මට කියන්න අමතක උනා කියලා...
මොනා කරන්නද ආපු එකේ එහෙන් හොද ෆ්‍රයිඩ් රයිස් එකක් කාලා... ගෙදර අවා.... හපොයි මෙවා මහේ හතුරන්ට වත් වෙන්න එපා
11 කොමෙන්ට්ස්:
ඇයි බං.. ෆ්‍රයිඩ් රයිස් එකටවත් ඌට පිං දීපිය! :D
හා හා ගනන් ගන්න එපා මොකද ඔයවගේම යාලුවෙක් මටත් ඉන්නවා,ඕනම එකෙකුට ඔය වගේ යාලුවෙක් ඉන්නවාමයි (එහෙම එකෙක් ඉන්න එකත් හොදයි එක අතකට)
මටත් ඉන්නව ඹය වගේ යාළුවෙක් හැබැයි ඌ නම් වතුර උගුරක් වත් දෙන්නෑ.
Thilina ට, එහෙනම් මගේ එකා ටිකක් හරි හොදයි
uu honda kollek balapan kaamare hondata as pas karan inna hati uu apaya sahayaka neme kalyaana mithrayek mithrayoo hariyata andura ganna
මටත් ඉන්නවා අපාය සහායකයෙක්. ඌ අපේ ගෙදර ආවම එකම දේ දහ දෙළොස් පාරක් අහලා මට දෙන්නෙ පුදුම වදයක්.
මෙන්න මේ වගේ:
"මචං හොඳම වයිරස් ගාඩ් එක මොකක්ද?"
"කැස්පර්"
"ඒක ලිනක්ස් වලත් වැඩද?"
"ලිනක්ස් වල වැඩ නෑ. ලිනක්ස් වලට වයිරස් එන්නෙම නැති තරම්. ඒ නිසා වයිරස් ගාඩ් ඕන නෑ"
"ආ...? ලිනක්ස් වලට වයිරස් එන්නෑ??"
"ඔව් එන්නෙම නැති තරම්"
"ඒ.... සිරාවට එන්නැද්ද?"
"නෑ"
"ඒක මාරයිනෙ බං... මොකක්වත්ම එන්නැද්ද?"
"නෑ"
"ට්‍රෝජන් හෝස් වත් එන්නැද්ද?"
"නෑ බං"
"අඩේ නියමයිනේ!" (කල්පනා කරමින්)
"කොහොමද ලිනක්ස් ගන්නෙ?"
...
...
...
"ෆ්‍රී එවනවා?"
"සිරාවට?"
"ඒ ඇත්ත්ටම ෆ්‍රී එවනවද?"
"සතයක්වත් ගන්නෙ නැද්ද?"
"අඩේ නියමයිනේ!"
"පට්ට... මාත් ගෙන්නගන්න ඔනළ... සිරාවටම ෆ්‍රී නේද?"
...
...
...
මම දන්නව ඉතිං මූ ගෙදර ආවොත් එදාට මට වෙන වැඩක් කරගන්න වෙන්නෙ නෑ කියල.
හික් හික් නියමයි කතාව.
අපි හුගක් දෙනාට අපාය සහයකයෝ ඉන්නවා වගේ...
@ශාකුන්තල
නියම අපායසහයක යාලුවා....
රසවත් දෙබසක් නේ.. :)
Umbata thiyenne ugen etath wada prashna ahanda.Ethakota utama therei..............
hmmmmmmmmmmmmm
hmmmmmmmmmmmmm
Post a Comment